නොමිලේ Payoneer Master Debit Card එකක් ගෙදරටම ගෙන්න ගමු


ඔන්න ඔයාලට තව ලිපියක් අරගෙන ආවා. මෙකේදි කියන්න හදන්නේ නොමිලේ Payoneer Master Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්න ගන්න විදිහ. ඉස්සරෝම කියන්ට ඕනි Card එකට සල්ලි දාලා පාවිච්චි කරන්න අදහසක් නැති අය ගෙන්න ගන්න එපා. මොකද බොරුවට ගෙන්නගෙන කාවවත් වැඩක් නැති නිසා. අනික දැන් ගොඩක් දේවල් ලංකාවට වැඩ නැනේ , මේකත් ඔය වගේ නැවැත්තුවොත් එහෙම , ඒක නිසා අවශ්‍යතාවයක් නැති අය ඉල්ලුම් කරන්නේ නැතුව හිටියොත් තමයි හොද .

ඉස්සරෝම එහෙනම් කියන්නම් මොකක්ද මේ Payoneer Master Debit Card 

මේ කාඩ් එක දෙන්නේ Payoneer සයිට් එකෙන්. 2005 ඉන්දලා මේ වෙනකම්ම මේ අය මේ Payoneer කාඩ් නිකුත් කරනවා. මේ කාඩ් එක ගන්න අයට පුලුවන් ඇමරිකාවේ Choice බෑන්ක් එකේ ගිනුමක් ලබාගන්න. මේ කාඩ් එක ඔනම කෙනෙක්ට ගන්න පුලුවන්. ඔනම කෙනෙක්ට කිව්වට 18+ අයට විතරයි. ඔයාට 18 අඩුනම් ඔයාටත් පුලුවන් අම්මගේ, අක්කගේ, අයියගේ, තාත්තගේ නමට ගන්න. තව දෙයක්, මේ Payoneer Master Debit Card එක සම්පුර්නයෙන් Free තමයි ලැබෙන්නේ. හැබැයි කවදා FREE දෙන එක නැති වෙයිද දන්නේ නෑ. ඒ නිසා ඉකමන් වෙන අයට වාසි වෙයි.


මොනවද අපිට මේකෙන් ලැබෙන්නේ ?

❉ Fiverr එකේ සල්ලී කෙලින්ම ලංකාවේ ඕනම Visa ලකුණ තියෙන  ATM එකකින් ගන්න පුලුවන් පැය 3 ක් ඇතුළත .

❉ ලන්කාවේ දැනට Internet Marketers ලා මුහුණ දීලා තියෙන ලොකුම අවුල වෙන්නේ PayPal වලින් ලංකාවට සල්ලි ගෙන්ව ගන්න බැරි එකයි. ඒකට බය නැතුව, නීතයානූකූල විදිහට PayPal සල්ලි ලංකාවට ගෙන්ව ගන්න පුලුවන් මේ Payoneer Master Debit Card එක හරහා.

❉ තව ගොඩාක් සයිට් වලින් ඔයා හොයන සල්ලි ආරක්‍ෂිතව ලංකාවට ගෙන්ව ගන්න පුලුවන්.

❉ Online pay කරලා භාණ්ඩ ගන්නත් පුලුවන්, ඒ වගේම Hosting හා Domain ගන්නත් පුලුවන් මේ කාඩ් එකෙන් Pay කරලා.

❉ වෙනත් රටක විදිහට PayPal හදලා සල්ලි ගනිද්දි පොඩි රිස්ක් එකක් තියෙනවා. ඒත් මේ Payoneer Master Debit කාඩ් එකේ රිස්ක් එකක් නැහැ.

Payoneer Card එකේ ගාස්තු

Monthly Card Account Maintenance = $4 per month
ATM Withdrawal Fee = $2

සාමාන්‍ය මුදල් ගෙවීම් වලට ගාස්තුවක් අය කරන්නේ නෑ. කාඩ් එකේ Fees ටිකක් වැඩියි වගේ පේනවා නම් තමයි, ඒත් හරියට පවිච්චි කලොත් පාඩූ නැහැ.  

මේ දවස් වල වල Order කරන අයට $25 එකක් ලැබෙනවා. හැබැයි කාඩ් එක ආපු ගමන් බබා වගේ ලැබෙන්නේ නෑ. ඔයා $100 කාඩ් එකට ගෙන්නුවට පස්සේ තමයි ලැබෙන්නේ.


එහෙනම් අපි බලමු කොහොමද Payoneer Master Debit Card එකක් ගෙදරටම ගෙන්න ගන්නේ කියලා 

ඉස්සරෝම ඔයාලා මේ සයිට් එකට ගිහින් Sign Up & Earn $25 කියලා තියෙන බට්න් එක ක්ලික් කරන්ට .
මෙතනින් සයිට් එකට යන්න.

ඊට පස්සේ මේ වගේ පේජ් එකක් එයි. ඒකේ ඔයාගේ ඇත්ත තොරතුරු දාලා පුරවලා Next ක්ලික් කරන්න.

නොමිලේ Payoneer Master Debit Card එකක් ගෙදරටම ගෙන්න ගමු


ඊලගට මේ වගේ පේජ් එකක් එයි. ඒකටත් ඔයාගේ ඇත්ත තොරතුරු දාලා පුරවලා Next ක්ලික් කරන්න.

Apply to Payoneer Master Debit Card



ඊලගට මේ වගේ පේජ් එකක් එයි. ඒකට ඔයාගේ Payoneer Account එකට ලොගින් වෙන්ට ඕනි Password එකක් දීලා Next ක්ලික් කරන්න.



ඊට පස්සේ ඔයාගේ ඊ - මේල් එකට ලොග් වෙලා බලන්ට Payoneer එකෙන් මේල් එකක් ඇවිත්ද කියලා . ඒ මේල් එකේ තියෙන Confirm ලින්ක් එක ක්ලික් කරලා ඊ - මේල් ඇඩ්රස් එක Verify කරන්න .

සතියක් ඇතුලත ඔයාට ආයෙත් Payoneer එකෙන් මේල් එකක් එයි , ඔයාගේ ID Scan Copy එවන්ට කියලා. එයාලා එවන මේල් එකේම තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඔයාගේ ID එකේ Scan Copy යක් හරි Driving License  එකේ Scan Copy යක් හරි Passport එකේ Scan Copy යක් හරි යවන්ට .

ඊට පස්සේ දවස් දෙක තුනක් ඇතුලත ඔයාට ආයෙත් මේල් එකක් එයි ඔයාගේ Documents Approve කරලා එයාලා ඔයාගේ Card එක එව්වා කියලා .  කාඩ් එක සතියක් ඇතුළත වගේ එනවා . ඒක ආපුවාම Active කරගන්නත් ඕනි . කාඩ් එක Active කරගන්න හැටි මං ඊලග ලිපියෙන් කියලා දෙන්නම් .

මේ තියෙන්නේ ගෙදරටම එන Payoneer Master Debit Card එක.

Payoneer Master Debit Card


එහෙනම් ඊළග පෝස්ට් එකෙන් හමුවෙමු .
ඔයාලට මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් යටින් Comment එකක් විදියට දන්න . ඒ වගේම මේ ලිපිය ප්‍රයෝජනවත් උනානම් යාලුවන් අතරේ ෂෙයාර් කරන්ට අමතක කරන්ටත් එපා !



Next
This is the most recent post.
Previous
Older Post

1 comments:

 
Top