PDF ෆයිල් එකක් Word ෆයිල් එකක් බවට පත්කරගන්නේ කෙසේද ?

ඇයි PDF ෆයිල් එකක් Word ෆයිල් එකක් බවට පත්කරගත යුත්තේ ?


PDF ෆයිල් එකක් කිව්වම ඕනි කෙනෙක් දන්නවනේ ! ගොඩක් වෙලාවට අන්තර්ජාලයේ විකුණන්ට තියෙන පොත් PDF ෆයිල් ආකාරයට තමයි තියෙන්නේ ! ඉතින් මේ PDF ෆයිල් එකක් ස්මාර්ට් ජංගම දුරකතනයෙන් උනත් කියවන්ට පුලුවන් . නමුත් Word ෆයිල් එකක් මේ ආකාරයට ස්මාර්ට් ජංගම දුරකතනයෙන් කියවන්ට බැ . බැරිම නෑ , ජංගම දුරකතනයට සිංහල ඇතුළත් කරලා තියෙනවානම් පුලවන් . ඉතින් මං මේක ගැන නෙවෙයි කියන්ට යන්නේ ,

එහෙනම් අපි බලමු PDF ෆයිල් එකක් Word ෆයිල් එකක් බවට පත්කරගැනීම තුලින් ලබාගත් හැකි ප්‍රයෝජන මොනවද කියලා .

PDF ෆයිල් එකක තියෙන පින්තූර , අකුරු වගේ දේවල් අපිට ඕනි විදියට වෙනස් කරන්ට බැ. නමුත් Word ෆයිල් එකක් බවට පරිවර්තනය කිරීම තුලින් අපිට ඕනි දේවල් වෙනස් කරන්ට පුලවන් . තව දෙයක් , මේ Word ෆයිල් එකක ධාරිතාව හෙවත් Mb ප්‍රමාණය PDF ෆයිල් එකක ප්‍රමාණයට වඩා ගොඩක් අඩුයි .


කොහොමද අපි PDF ෆයිල් එකක් Word ෆයිල් එකක් බවට පත්කරගන්නේ ?

අපිට මේ වැඩේ කරගන්ට පුලවන් හොදම සයිට් එක තමයි Docs.Zone . ඉතින් අපිට වැඩි දෙයක් කරන්ට නෑ.
එහෙනම් පහළ පියවර අනුගමනය කරන්න .

ඉස්සරෝම Docs.Zone/pdf-to-word සයිට් එකට ගිහින් Select Files කියන එක උඩ ක්ලික් කරලා ඔයාට ඕනි PDF ෆයිල් එක තෝරලා Select කරගන්න .

PDF ෆයිල් එකක් Word ෆයිල් එකක් බවට පත්කරගන්නේ කෙසේද ?


ඊටපස්සේ මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි . ඒකේ Start ක්ලික් කරන්ට .

ඊටපස්සේ මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එයි . ඒකේ Start ක්ලික් කරන්ට .


තත්පර 30කින් විතර පහළ තියෙන විදියට එයි . ඒකේ Download ක්ලික් කරලා ෆයිල් එක Download කරගන්න පුලුවන් . ඒක ඉතින් මං කියනකන් ඉන්ට ඕනි යැයි ?

ඒකේ Download ක්ලික් කරලා ෆයිල් එක Download කරගන්න පුලුවන් .


තව දෙයක් මේ සයිට් එකේ මෙනු එකෙන් ඔයාට වෙන ෆයිල් විදියට උනත් පරිවර්තනය කරගන්න පුලුවන්.

  • Convert files to PDF - Convert your files to the PDF format
  • Combine files to PDF - Combine several files in different formats into a single PDF file 
  • Web to PDF - Save web page to PDF file
  • PDF to Excel - Convert PDF files to Microsoft Excel format
  • PDF to images - Convert PDF files to JPG images

එහෙනම් ඊළග පෝස්ට් එකෙන් හමුවෙමු . ඔයාලා දන්න මේ වගේ තව ප්‍රයෝජනවත් සයිට් තියෙනවනම් යටින් Comment එකක් විදියට දාලා යන්න .මොකද ඒක තව කෙනෙකුට ගොඩක් වැදගත් වෙන්ට පුලවන් .



1 comments:

 
Top