මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕනේ. ඒ මොකද කිව්වොත් මට ගොඩාක් දවසකින් ලිපියක් අරගෙන එන්ට බැරිඋන එකට.ඔන්න ඒකටත් එක්ක මම අද වටිනා ලිපියක් අරගෙන ආවා.



ඔයාලා දන්නවානේ වර්ථමානයේ ගූගල් ඇඩ්සෙන්ස් ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් කියලා. මොකද ගූගල්ලාගේ නීති ගොඩාක් තදයි. මොකද ගූගල්ලා හැමදේම අකුරටම බලනවා .

ඒත් ඉතින් මොනවා කොහොම බැලුවත් අපේ ලන්කාවේ කොල්ලෝ ගොඩක් ඇඩ්සෙන්ස් කරනවා. ඒකට ඉතින් ඉවසීමත් තියෙන්ට ඕනී.

1. පළමු ක්‍රමය තමයි ඔයාගේම කියලා බ්ලොග් එකක් හදලා ඒකට ඇඩ්සෙන්ස් ඉල්ලන එක.
2. දෙවැනි ක්‍රමය තමයි යූටූබ් එකට වීඩියෝ අප්ලෝඩ් කිරීම.

අපි මෙම ක්‍රම දෙක පිලිබදව වෙන වෙනම සාකච්චා කරමු.

1. පළමු ක්‍රමය තමයි ඔයාගේම කියලා බ්ලොග් එකක් හදලා ඒකට ඇඩ්සෙන්ස් ඉල්ලන එක.


ඉස්සරෝම කියන්ට ඕනි ඔයා හදන බ්ලොග් එකේ කොපි කරපු කිසිම ලිපියක් තියාගෙන ඇඩ්සෙන්ස් ඉල්ලන්ට එපා.


1.  ඔබේ වෙබ් අඩවිය මාස 6කට වඩා පැරණි වීම ඉතා සුදුසුයි. මාසිකව විසිටර්ස්ල 2000-3000 ක් පමණ වෙබ් අඩවිය නැරඹීමට පැමිණීම තිබීම හොඳයි. නමුත් මේ බව පෙන්වන්න හිතල සල්ලි දීල ට්‍රැෆික් ගන්න එපා කාගෙන්වත්, බොට් වලින් ට්‍රැෆික් ගන්නත් එපා.


2.  තව දෙයක් ඔයාගෙ බ්ලොග් එක ඉංග්‍රීසියෙන් හදන්න .සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් දෙන්නෙ නැහැ.. හැබැයි ඉංග්‍රීසි සයිට් එකක වාක්‍යයක් දෙකක් සිංහලෙන් තිබුණට අවුලක් නෑ.. 80-90% වැඩියෙන් කඩ්ඩ අනිවාර්යයි .


3.  බ්ලොග් එකේ  About us, privacy policy, TOS, contact us වැනි පි‍ටු අනිවාර්යයෙන් ඇතුලත් කළ යුතුය.

මේ සියලුම දේ සකක් කර ඇඩ්සෙන්ස් ඉල්ලිය යුතුය.




2. දෙවැනි ක්‍රමය තමයි යූටූබ් එකට වීඩියෝ අප්ලෝඩ් කිරීම.


ඉස්සරෝම ඔයා යූටූබ් අක්වුන්ට් එකක් හදාගන්න.

ඒකට වීඩියෝ උපරිම 5ක්වත් අප්ලෝඩ් කරලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න. හැබැයි ඒ වීඩියෝ වලට දවසකට වීව්ස් 100ක් වත් තියෙන්ට ඕනි.


අදට මෙච්චරයි ලියන්ට වෙන්නේ. ඊළග ලිපියෙන් මේ පිලිබදව තව විස්තර අරගෙන එන්නම් .


මොකක් හරි ගැටලුවක් ආවොත් පහලින් කොමෙන්ට් කරන්න .
ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න






--------------------------------------------------------------------------------------------------අලුත්ම දේවල් පහසුවෙන් දැනගන්න පරිගනක ලෝකයෙහි සාමාජිකත්වය ගන්න Join This Site මත Click කරන්න.ඔබට එවිට එසැනින් අලුත් ලිපි ලබා ගත හැක.

තවත් මේවගේ වටින කියන ලිපියකින් හමුවෙමු.

ඔබේ වටිනා අදහස් පහතින් දාන්නත් පුලුවන්





 
Top