වර්තමානයේ බොහෝ සමාගම් වගේම පුද්ගලයිනුත් මුහුණ පා තිබෙන තවත් එක් ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ password වල ආරක්‍ෂිත භාවය. බොහෝ සමාගම් විසින් විවිධ උපක්‍රම භාවිතා කරනවා ඔවුනගේ පාරිභෝගිකයන්ගේ password වලට උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න. නමුත් අද දියුණු තාක්ෂණික ක්‍රම වේදයන් වැරදි අයුරුන් භාවිත කිරීමට පෙළඹී ඇති hackers ලා සමඟ මෙය දිගින් දිගටම කර ගෙන යාම ඉතා අපහසු දෙයක් වෙලා. ඔවුන් මඟ හරි ගිය යම් යම් තාක්ෂණික දුර්වලතා සොයා ගෙන ඒවා භාවිත කරමින් විශාල ලෙස දත්ත සොරකම් කිරීමේ කටයුතු කර ගෙන යනවා. මෙය අද දවසේ බොහෝ දෙනා විසදුම් සොයන ප්‍රශ්නයක් වෙලා.









ඒ කෙසේ වෙතත් Google විශ්වාස කරනවා ඔවුන් ළඟ මෙම ප්‍රශ්නය සඳහා විසදුමක් තිබෙන බව. මෙම විසඳුම ඔබට සමීප කරන්නේ Yubico නමින් හඳුන්වන කුඩා අපුරු USB authentication device එකක් සමඟයි. Chrome හි වෙනස් කරනු ලබූ version එකත් සමඟ , ඔබට කරන්න තිබෙන්නේ මෙම Yubico නම් වූ සියුම් USB card එක ඔබේ පරිගණකයේ USB port එකට slide කිරීමයි. එවිට ස්වංක්‍රීයව ඔබේ Google account එකට log වීම සිදු වෙනවා. මෙම device එක නිරන්තරයෙන්ම පවතින්නේ පාරිභෝගිකයාගේ අතේ බැවින් පිටස්තර පුද්ගලයන්ට අනවශ්‍ය ආකාරයේ දත්ත පරිශීලනය කිරීමට ඇති අවස්ථාව අවම වෙනවා

Google විසින් සිදු කරන මෙම නිර්මාණය සාර්ථක වුවහොත් , තාක්ෂණික ලෝකය තුල මෙවැනි USB key එකකට ඇති ඉල්ලුම ඉතා අධික වේවි. හැම දෙනාම මෙය භාවිතයට යොමු වේවි. එතෙක් ඔබ ඔබේ password එක ආරක්ෂා කර ගැනීම සඳහා උනන්දු වෙයි කියල මන් හිතනවා.

පෝස්ට් එක හොදනම් අදහසක් දාල ගියත් කමක් නෑ.... ඉදිරියේදීත් මේවගෙ  පෝස්ටුවකින් හම්බවෙමු.......   

0 comments:

Post a Comment

 
Top